Skip to main content

Posts

ජනවාරි 5 මහ ඡන්දය

ජනවාරි 5 මහ ඡන්දය ප්‍රජාතන්ත්‍රික ආණ්ඩු ක්‍රමයක් හදා ගන්න මහඟු අවස්තාවකුයි. අපි කළ යුත්තේ වහාම එක්‌ වී ස්වාධීන පක්‍ෂයක් හදා ගෙන තරඟ වදින්නයි. එකම එක අරමුණක් දුන්නොත් දිනනවා සිකුරුයි. මේකයි ඒ දෙන ප්‍රතිඥාව: අද පවතින බල-කණඩායම් ආණ්ඩු ක්‍රමයේ (oligarchy) ව්‍යවස්ථාව අහෝසි කර ජේ.ආර්.ට පෙර තිබුනු ඡන්ද කොට්ඨාස වලින් මන්ත්‍රීන් තෝරා පත් කරන ප්‍රජාතන්ත්‍රවාදී (democracy) ක්‍රමය යලි ක්‍රියාත්මක කර වහාම මහ ඡන්දයක් පවත්වා විසිර යනවා! ඉතින්, මේක මෙතනම කතාකරගෙන ලංකා වැසියන් එකතු වී මේක කරගන්න!
Recent posts

Jan 5 election is an opportunity for Democracy in Sri Lanka

A new election is good! Only thing is the people should quickly form a new political party and come forward with ONE PRINCIPLE and ONE ONLY: Abolish the present election system and reinstate the one we had before JR. Hold a new election immediately returning representatives from local electorates. That's it! None of those who cry about democracy will come to power and carry on the oligarchy system. Oligarchy is a government by a select few. That is NOT a democracy. They cannot go back to their village and run for election. Everyone knows that they are thieves and/or thugs.
මේ පහත දෙන්නේ 2014රේ සිරිසේනතුමා ජනාධිපති තරඟයට ඇවිත් දුන්නු ප්‍රධාන පතිඥාවයි. ඒක සිරිසෙනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, 15වෙනි පිටුවේ ඉදිරි මග පරිච්ඡෙදය යටතේ මුලින්ම දුන් ප්‍රතිඥාවයි. මැතිවරණ ක්‍රමය සංශොධනය කිරීම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ රජයට පසුගිය වසර විස්ස තුල දී නිරාකරණය කිරීමට නොහැකි වූ අනෙක් බරපතල ප්‍රශ්නයම් වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. පවතින මැතිවරණ ක්‍රමය දූෂණයට හා මැර ක්‍රියාවලට පොළඹවන ප්‍රධාන උල්පතකි. මනාප ක්‍රමය නිසා මැතිවරණය සඳහා අති විශාල ධනස්ඛන්ධයක් වැය කිරීමට අපේක්‍ෂකරන් හට සිදුවේ. මම මෙය සපුරා වෙනස් කරමි. එහි පරමාර්‍ථය වන්නේ මනාප ක්‍රමය අවසන් කිරීම හා සෑම මැතිවරණ කොට්ඨාසයකටම අනිවාර්‍ය්‍යයෙන්ම එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ සිටින බව සහතික වීමයි. මෙම ව්‍යවස්ථා සංශොධනයේ දී කේවල ආසන ක්‍රමය හා පරාජිත අපේක්‍ෂකයන්ගේ සමානුපාත ඡන්දයේ සංකලනයක් භාවිතා වේ. මෙම යෝජනාව මගින් පාර්ලිමේන්තුවේ සංයුතිය සමස්තයක් ලෙස වෙනස් නොවන බැවින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්‍ෂ එකඟ කර ගැනීමට මා හට හැකි වනු ඇත. තවද, මෙහිදී අපේක්‍ෂනයන්ගේ මැතිවරණ ව්‍යාපාර එක් මැතිවරණ කොට

රජය විසින් ජනතාවගේ මානව අයිතිය සිඳියි

අද සමාජය පැමිණ සිටින්නේ විද්‍යුත්ම මාධ්‍යයෙන් ආලපන කරන අවදියටයි. කාලයක් ලියුම්වලිනුත්, ඉන් පසු දුරකථන මගිනුත් අපි කතා කළා. ඒ සියළු විදිහවලට වඩා ඉක්මන් හා පහසු වන්නේ අද තියෙන දුරකථන හා පරිගණක හරහා එකිනෙකා හෝ පිරිස් වශයෙන් කතා කිරීමයි. හරියට සිංහලෙන් ලියන්න බැරි වුනත් වරද්ද වරද්දා හෝ ඉංග්‍රීසියෙන් ලියන්න තරම් පෙළඹෙන්නේ මේ ඇති පහසුකම එතරම්ම අනගි හා අත්‍යාවශ්‍ය වී ඇති නිසායි. මේ සමාජ තුලනතාවය නොසලකා හැර රජය විසින් වෙබ් අඩවිය හරස්කර, මිනිසුන් ගොළු කර මුළු ජනතාවම අසහනයකට ගෙනා වරදට ඊට වගකිවයුත්තන්ට දඬුවම් කල යුතු වේ.  නිදහසේ අදහස් පළකිරීම ප්‍රකෘතිත්ව මානව අයිතියයි. එය නැති කිරීම මානව අපරාධයකි. එපමණක් නොව එකිනෙකා සමග සුපූරුදුව කතා කිරීමේ හැකියාව මහත්සේ සීමා කිරීම නිසා ඔවුන්ගේ ආරක්‍ෂාවටත් හා සිත්වල සැනසුමටත් මේ ක්‍රියාව විශාල ලෙස එරෙහිව බලපෑව වග නොනුමානයි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කොතරම් අපරාධ වුනාද කියා ඉදිරියේදී දැනගත හැකි වෙයි. මේ ක්‍රියාවට තව පැත්තකුත් තිබිය හැකියැයි සිතේ. අද අතුලත හා පිටත සිටින දේශපාලකයින් බල තැන් ගන්න එන්නේ සමාජය ගැන කරුණාවෙන් නොව තම හොද්ද බොර කර ගැනීමට වග පහුගිය දිනව